Saturday, March 13, 2010

යථාර්තය..........


විකසිත කැකුළු කුසුමේ සුවදට රුවට
බඹරුන් සරයි නංවා ගුමු හඩ අවට
උදයේ පිපුණු නෑඹුල් කුසුමේ රුවට
අවමං කරයි ලොව අවිහිංසක මලට

බඹරුන් උරයි රොන් ගොස් මලකින් මලට
මල් දුක් දරයි මිහිරිව සුපිපුණු පවට
සැඩ හිරු රැසින් වැසි දහරින් මලට වට
පීඩා විදින්නේ මල මයි පිපුණාට

ඉර මල සැඟව යන සැන්දෑ යාමයට
මැලවුණු කුසුමෙ පෙති විසිරෙද්දී අවට
මල මත රැඟූ බඹරුන් නැත තනි කමට
මල සමු ගනී නටුවෙන් ගිලි හී බිමට

4 comments:

  1. oyata puluwanida mala peneema gena kaviyak liyanna

    ReplyDelete
  2. ලස්සනයි කවි නිර්මාණ. ඔබට ජය.

    ReplyDelete
  3. හිතට දැනුණු අපූරු කවි පෙළක් අක්කේ,

    “මැලවුණු කුසුමෙ පෙති විසිරෙද්දී අවට
    මල මත රැඟූ බඹරුන් නැත තනි කමට
    මල සමු ගනී නටුවෙන් ගිලි හී බිමට“

    ඇත්තටම අපූරුයි !

    ReplyDelete
  4. බොහොමත්ම ස්තූතියි.....

    ReplyDelete