Monday, March 8, 2010

නුඹ නැවත එන තුරා


නිසළ හද විල් තලේ
ජල තරඟ නංවමින්
සිතුම් දිය කැළඹ වූ
මද සීත පිනි සුළඟ........

මිහිරිතම සෙනෙහසක තුසර මුතු ගවසලා
මියුරු පෙම් සිහිනයක මධු සුවඳ තවරලා
දිව්‍යමය හදවතක පෙම් සුසුම් වැල් සලා
රිදී අරුණළු සමග නුඹ මවෙත පැමිනියා.......

ඇසිපියන් පත් සැළෙන නිමේෂයකුදු නොරැඳි
සැඟවෙලා ගියා නුඹ මා වෙතින් නික්මිලා
නැවත මතු යම් දිනෙක නුඹ මවෙත එන තුරා
පිණි සිසිලෙ සුව විදිම් හද දියේ සඟවලා..............

No comments:

Post a Comment