Saturday, March 6, 2010

අහිමි ප්‍රේමයක වැළපුම




චන්දන අරණ වෙත සපැමිනෙන
මද පවන
තුරු ළදැලි සිපගනී
ආදරෙන්.........

අසල දැවටී රහස් කොදුරා
ළපළු සැනසූවද
අවසරය නෑ පවන් රැල්ලට
දළුපත් හා රැදී ඉන්නට
සෙනෙහසින්........

ගිරි සිරස ඉහතෑවෙ සිට වඩින
සරා සඳවත
විල්දිය මතට බැස
කුමුදුපෙති හා දොඩමලු වූව ද
සෙනේහයෙන්........

පොකුණු ගැඹරේ පිළිඹිඹුව
කුමුදු යායට තනි රැකූවද
නිසළ විල ජලතලේ
දියකර සඳ පහන
රැදෙන්නට ඉඩක් නෑ
සදාකල්.........

No comments:

Post a Comment