Sunday, March 21, 2010

සැඟව ගිය තරු පහන


සිසිල් සඳ පහන් සිළ නොදැල් වුවද රැයේ
හැමදාම තරු ඇසක් දිලිසුනා නුඹ කුසේ
හුදකලා හදවතක් ඉකිබිඳින යාමයේ
සඳ නොවේ තරු කිරණ පමණි හද සැනසුවේ........................

සුවඳ වත් පවන් රැළි හොර හොරෙන් පැමිණිලා
වෙලී කොඳුරයි රහස් දෙසවනට ලංවෙලා
නොපීදුව සිහිනයක සුවඳ හදවත තලා
පිපුණු කඳුලැලි දැකම තරු එලිය මැලවුනා.........................

තනිකමට මුළුගැහුනු හදවතම ගොළුවෙලා
පැතුම් සිතුවිළි දෑළ උඩුහුළඟේ ඉගිලිලා
කවුළු පියපත තුළින් හදට සිසිළක් සලා
දිළි දිළී තනි රැක්ක තරු තිතත් සැඟවෙලා...................

2 comments:

  1. ලස්සන නිර්මාණයක් අක්කෙ... අපූරුවට පද ගලපලා තියෙනවා......

    ReplyDelete
  2. ඔබට ස්තූතියි.....සොයුරිය

    ReplyDelete