Sunday, August 7, 2016

දරුවන් වනසන අන්තර්ජාලය





පාසල් ඇරී නිවසට එන දරුවා යහලුවන්ගේ නිවෙස් වල, ක්‍රීඩා පිටිවල, පාරතොටේ, කරක්ගසමින් සිටීම දෙමාපියන්ට එක්තරා හිසරදයකි. මෙම හිසරදයට පිලියමක් ලෙස නූතන දෙමාපියන් දරුවන් වෙත දායාද කරන්නේ අන්තර්ජාල පහසුකම් සහිත ජංගම දුරකථනයක් හෝ පරිගණක යන්ත්‍රයකි.

තාක්ෂණික යුග පෙරළියක තොරතුරු සන්නිවේදන තාක්ෂණයත් සමග බද්ධව ඇති සමාජයක ජීවත් වන අප හට අධ්‍යාපනයේ දී, වෘත්තීය ජීවිතයේ දී මෙන්ම එදිනෙදා ජීවිතයේ දී ද අන්තර්ජාලය ලබාදෙනුයේ අපිරිමිත පිටිවහලකි. 

නමුත් අවාසනාව වනුයේ බුද්ධිමත්ව අන්තර්ජාලය හැසිරවීමට නොදත් දරුවා ලොව නන් දෙසින්  ගලා එන්නා වූ හොද හා නරක  රැගත් තොරතුරු ලෝකයක අතරමං වීමය.  අන්තර්ජාලය ඔස්සේ විවිධ සමාජ වෙබ් අඩවි තුල සැරිසරන දරුවා නොදැනුවත්වම තම වයසට නොගැලපෙන පුද්ගලයන්ගේ ආශ්‍රයෙන් සමාජ ව්‍යසනයන්ගේ ගොදුරු බවට පත්වන්නේ chat room services, skype, viber, whatsapp ආදී වූ අන්තර්ජාල සන්නිවේදන මාධ්‍යයන් හරහාය.

සමාජ ජාල වෙබ් අඩවි හරහ හමුවූ තරුණ දූ පුතුන් ස්වකීය ජීවිතය අදුරේ හෙලා ගනිමින් වටිනා මිනිස් ජීවිත අකාල්යේ අහිමි කර ගත් අවස්ථා අපි අසා ඇත්තෙමු. අන්තර්ජාල ක්‍රීඩා, චැට් පිටු, මෙන්ම නොයෙක් සභ්‍ය අසභ්‍ය තොරතුරු රැගත් වෙබ් පිටු  අතර සැරිසරන දරුවා නිකරුනේ කා දමන්නේ අධ්‍යාපනය ලැබීමට ඇති ජීවිතයේ රන් හා සමාන කාලසීමවක් නොවේද?

නූතන සමාජය තුල මෙසේ අන්තර්ජාලයේ නොමනා  ක්‍රියාකාරකම් තුල ඇබ්බැහිවූ දරුවන් පාසල් පද්ධතිය තුල ද හදුනාගත හැකිය. 
  • පෙරපැවති ක්‍රියාශීලීත්වය ගිලිහී යාම, 
  • අධ්‍යාපනයේ දී පසුගාමී බවක් පෙන්වීම. 
  • ශාරිරික දුර්වලතා හදුනාගත හැකිවීම. (අක්ෂි හා ශ්‍රවන දුර්වලතා, අතපය, බෙල්ල, කොන්ද ආදියේ වන වේදනා)
  •  සමාජශීලී නොවීම, 
  • පුද්ගල අන්තර් සබ්දතාවන්ගෙන් ඇත්වී සිටීම, 
  • ශරීරයේ ස්ථූලතාව වැඩිවීම,
  • නිර්මාණශීලීත්වය ගිලිහී යාම
  • කලාත්මක රසවින්දනයක් නොමැති වීම
  • මතක ශක්තිය හීනවී යාම     මෙම දරුවන් හදුනාගැනීමට ඇති රෝගී ලක්ෂණ ලෙස දැක්විය හැකිය.
අන්තර්ජාලය අධි භාවිතයෙන් මොලයේ රසායන ද්‍රව්‍ය වෙනස් වීමත් සමග මොලයේ ව්‍යූහයේ වෙනස් කම් ඇතිවිම ද සිදුවිය හැකිය.  අනෙක් අතට එදිනෙදා අධ්‍යාපන කටයුතු සදහා කාල කලමනාකරණය කරගැනීමට නොහැකිවන දරුවා අධ්‍යාපනයේ දී පසුගාමීත්වයක් පෙන්නුම් කරයි.

සමාජ සම්මතයන්ගෙන් බැහැර වන මෙවන් දරුවන් යහපත් සෞඛ්‍ය පුරුදු, යහපත් ගුණධර්ම, යහපත් පෞරුෂයන් ගිලිහී යාම නිසා අනාගතයේ දී සමාජ ගත වන්නේ  කායික, මානසික හා සමාජයීය වශයෙන් පිරිහුණු පුද්ගලයෙකු ලෙසින් ය.






Friday, April 11, 2014

පණ සේ රැඳෙමි මා පණ නළ ඔබගේය……








සසරේ පෙර සිටන් පසුපස ආ සේම
දැනුනේ නුබේ සුවඳ හුරු සේ සසරේම.....
නැගුනේ හද සයුර මත දළ රළ සේම
නුබගේ නමිනි පෙම් රළ පෙළ හැමදාම...

සිහිනේ රැඳෙන රූ සිතුවම් ඔබගේය
මන්සේ දඟ කරන දෙනුවන් ඔබගේය…..
රහසේ සවන් මත රැඳේනා හඬ් නුඹය
පණ සේ  රැඳෙමි මා පණ නළ ඔබගේය……

සඳ සේ රැඳී ඉන්නම් මා හැම රැම
තරු සේ නුඹ සිටී නම් තනි නොකරාම.......
සැප සේ රැඳෙමි දුක් කඳුලැලි හංගාම
නුඹ ගේ සෙවන යට් මුළු දිවි ගමනේම.......


Friday, December 27, 2013

ඉඩදෙනවානම්.....








රොන්සුණු ඇතිරූ මල් දෙවැට මතින්
සඳ දිය ගලනා තරු වියන යටින්.......
තටු සලා ඉගිල්ලෙන කිරිල්ලියක් වන්නම්.......
නුබේ හද තත්සරේ පෙම් තනුව වී වැයෙන්නම්..............


තරු සිරස සුපිපි වනමල් නෙළමින්
අරුණළු දහරේ රන් කෙඳි වියමින්........
පෙම් සිසිළ සලන සුවමල් විමන් තනන්නම්............
නුබේ හද මල් වනේ පෙම් කුසුම වී පිපෙන්නම්............

ගිමන නිවන මද නල විලසින්
පැන් පවස නිවන දිය පොදක් වෙමින්......
දිවිකතර පා නගද්දී තුරු සිසිල සුව සදන්නම්....
නුබේ දිවිමං තලේ සෙවණැල්ල වී රැදෙන්නම්..............



Sunday, December 12, 2010


¾è÷å ªº Éê °åºèÆ¨à ¡Ãéº Éê ÌèÍ ¾å¼ïÆ¾à ¡É¼ú ¨È ¡—ß ¡¾à½¨åÇïÆà ªèÈé Íê¾à ï¼àÊÆ¨à ¸æ¾ À;à ÌèÝïÉ¾à ¦¨õ ¨È ïªðÇɸýÆ Àì°ñ Àå¼ ïÌåàÄ ÌàÉåä¾à÷ƾà É;àïÌà´ ¤ÀÍåÇƨàÄ ïŒÉå.........!!!


හෙළ බොදු සසුන් විල
සීල සුවදින් පොබ කල
ඉඳුවරය සුනිමල
මිළිණ විය පාපයට තුන් හෙළ.........


අමරසැති දම් පද
කුළුණින් දෙසූ හිමි සඳ
අවිඳු තිර දන හද
ඉරා හලු කර දැමූ රිවිරද...............

සිහළ දැය නිදි වැද
හුන් අවදියක සිහනද
නගා සිහළුන් හද
පුබුදු කල තෙද බලැති සිහරද.............

ගලනා සෝක ගඟුලෙන්
නහවා දැයම කඳුලෙන්
බුදු පුතුනි මෙළෙසින්
කිමද මොක්පුර වැඩියේ විගසින්..........

Monday, September 20, 2010

........බලා සිටීම.........

සිහිනයෙන් පමනක් ඔබ වෙතට එන්නම්
දුක් සුසුම් රළු වැඩි උනත් විඳ ගන්නම්
හෙට දිනෙත් නුඹ හීනයක් නොම වේනම්
සිත පතුම් පුරවා මග බලා ඉන්නම්............

නෙතු පියන් දල්වා මා දකින සිහිනේ
නරනිඳු නුඹයි මගෙ ස්නේහයේ විජිතේ
ඒ සිහින සිතුවම බොඳ නොකොට දෙනෙතේ
නිරිඳ වනු මැන මහද පෙම් අරණේ................

මල් කකුළ නුඹ අතු අගිස්සේ පිපුණු
මා පිණි පොදයි තණ පළස මත රැඳුණු
දුර බොහො වුවත් ඔබ මා වෙතට ඉගිලී
එන තුරා ඉන්නම් නටු අගට සමු දී.........

Saturday, September 18, 2010

නැති වු කව...............


ඔහු මට අහිමි වූ දා......
විරහ ගිණි දළු බුර බුරා නැගෙද්දී
ඉකිගසා වැළපෙමින්
ජනිත කළෙමි බිළිඳු කවක්
තැලී පොඩි වී ගිය
කඩදාසියක් මත්තෙහි..........

අහෝ.......කොහිද ඒ සිඟිති කව
කොහේ අතරමං වූවා ද
සුළං රැල්ලක එතී
ඈතකට ගියා වද..........
කුණු කූඩයක රැදී
මා අතැර ගියා වද.........

අදරැති ළපටි කව
නුඹ මා වෙතින් පිටමංව ඇත
සමාවුව මැන මට..........
බොළඳ වූ නුඹ ගැන
සැළකිලිමත් නොවූවාට..............

Thursday, September 16, 2010

ඇසළ සඳ

ඇසළ සඳ මල්වරව

නිළඹරට වැඩමවන

සොඳුරුතම සුයාමය එළඹිලා...............

රුවන් තරු පහන් එළි ගගණතේ දල්වලා

සුමුදු සේපාලිකා මල් පළස් අතුරලා

තුටු කඳුළු පිණි දියෙන් ලෝ තළය නහවලා

ඇසළ මල්වර උළෙල මේ රැයේ ඇරඹ්ලා............

නිශාචර සියොත් ගී තාළයට පා තබා

කණමැදිරි රෑන් විත් දක්වතියි රඟ සොබා

පින් සපිරි කසුන් වන් සඳ පහන්සිළු පබා

බබළවයි සඳ දියණි ඇසළ සැණකෙළි සබා..........