Sunday, December 12, 2010


¾è÷å ªº Éê °åºèÆ¨à ¡Ãéº Éê ÌèÍ ¾å¼ïÆ¾à ¡É¼ú ¨È ¡—ß ¡¾à½¨åÇïÆà ªèÈé Íê¾à ï¼àÊÆ¨à ¸æ¾ À;à ÌèÝïÉ¾à ¦¨õ ¨È ïªðÇɸýÆ Àì°ñ Àå¼ ïÌåàÄ ÌàÉåä¾à÷ƾà É;àïÌà´ ¤ÀÍåÇÆ¨àÄ ïŒÉå.........!!!


හෙළ බොදු සසුන් විල
සීල සුවදින් පොබ කල
ඉඳුවරය සුනිමල
මිළිණ විය පාපයට තුන් හෙළ.........


අමරසැති දම් පද
කුළුණින් දෙසූ හිමි සඳ
අවිඳු තිර දන හද
ඉරා හලු කර දැමූ රිවිරද...............

සිහළ දැය නිදි වැද
හුන් අවදියක සිහනද
නගා සිහළුන් හද
පුබුදු කල තෙද බලැති සිහරද.............

ගලනා සෝක ගඟුලෙන්
නහවා දැයම කඳුලෙන්
බුදු පුතුනි මෙළෙසින්
කිමද මොක්පුර වැඩියේ විගසින්..........

Monday, September 20, 2010

........බලා සිටීම.........

සිහිනයෙන් පමනක් ඔබ වෙතට එන්නම්
දුක් සුසුම් රළු වැඩි උනත් විඳ ගන්නම්
හෙට දිනෙත් නුඹ හීනයක් නොම වේනම්
සිත පතුම් පුරවා මග බලා ඉන්නම්............

නෙතු පියන් දල්වා මා දකින සිහිනේ
නරනිඳු නුඹයි මගෙ ස්නේහයේ විජිතේ
ඒ සිහින සිතුවම බොඳ නොකොට දෙනෙතේ
නිරිඳ වනු මැන මහද පෙම් අරණේ................

මල් කකුළ නුඹ අතු අගිස්සේ පිපුණු
මා පිණි පොදයි තණ පළස මත රැඳුණු
දුර බොහො වුවත් ඔබ මා වෙතට ඉගිලී
එන තුරා ඉන්නම් නටු අගට සමු දී.........

Saturday, September 18, 2010

නැති වු කව...............


ඔහු මට අහිමි වූ දා......
විරහ ගිණි දළු බුර බුරා නැගෙද්දී
ඉකිගසා වැළපෙමින්
ජනිත කළෙමි බිළිඳු කවක්
තැලී පොඩි වී ගිය
කඩදාසියක් මත්තෙහි..........

අහෝ.......කොහිද ඒ සිඟිති කව
කොහේ අතරමං වූවා ද
සුළං රැල්ලක එතී
ඈතකට ගියා වද..........
කුණු කූඩයක රැදී
මා අතැර ගියා වද.........

අදරැති ළපටි කව
නුඹ මා වෙතින් පිටමංව ඇත
සමාවුව මැන මට..........
බොළඳ වූ නුඹ ගැන
සැළකිලිමත් නොවූවාට..............

Thursday, September 16, 2010

ඇසළ සඳ

ඇසළ සඳ මල්වරව

නිළඹරට වැඩමවන

සොඳුරුතම සුයාමය එළඹිලා...............

රුවන් තරු පහන් එළි ගගණතේ දල්වලා

සුමුදු සේපාලිකා මල් පළස් අතුරලා

තුටු කඳුළු පිණි දියෙන් ලෝ තළය නහවලා

ඇසළ මල්වර උළෙල මේ රැයේ ඇරඹ්ලා............

නිශාචර සියොත් ගී තාළයට පා තබා

කණමැදිරි රෑන් විත් දක්වතියි රඟ සොබා

පින් සපිරි කසුන් වන් සඳ පහන්සිළු පබා

බබළවයි සඳ දියණි ඇසළ සැණකෙළි සබා..........

Wednesday, September 15, 2010

මැකී යනු මතකෙන්........


සිත් ඉමේ ගැඹුරුතම ඉසව්වක සැඟවෙලා
නිදන ඔබ හද වෙතට එබි කල් යල් බලා
නිසළ සිත් ගැඹර රැඳි හැඟුම් පොදි කළඹවා
දවාලයි හදවතම සෝක ගිණි දැල් මවා.......

රුදුරු වූ හිරු රැසින් දැවෙන වාළුකාවක
මංමුළා වූ මුවක නෙත ඇදුනු මිරිඟු දිය
ලෙසින් මා හහ විමනෙ පැතුම් සිතුවම් මවා
සැඟව ගිය මායාව නුඹයි හදවත දවා..........

පුදා කඳුළැලි කුසුම් නීල දෙනයන පිපෙන
හෙලා හද සුවඳ ගැවසූ සුසුම් මද පවන
දොවා නෙත් දියරයෙන් හද දෙවොල පුද අසුන
යදින්නම් පලා යනු තව නොදී දුක් කඳුළ.......

Thursday, September 9, 2010

අල්තිනායි නුඹ කොහෙද?


ගිණි වැදුණු රන් හිරු මඩළ

තණබිම දවා සැඟව යන රඟ.....

බලා හිඳිමි මම තවම මේ අයිලයේ තනිව......

විසල් පොප්ලරයට පිට දී..........

නුඹ නේන බව දැන දැනම

නුඹ නැවත එතියි සිත සිතා

නෙතුපියන් නොසළාම............

බලා හිඳිමි එදා සිට අද තෙක්ම මේ අයිලයේ තනිව......

විසල් පොප්ලරයට පිට දී..........

විසල් ලෝකයට මිස නුඹ මේ අයිලයට

අහිමි බව දනිමි මම.........

ඒනමුදු පෙර සේම බලා හිඳිමි

පොප්ලර් තුරු පි‍යස යට

නුඹ නේන බව දැන දැනම...........

Saturday, September 4, 2010

......සොඳුරියේ........




පහණ කෝ ගෙයි සාලයේ......
දැල්වෙලා රන් සිළුමිණ ලෙසේ........
දිවි මංපෙතේ ගණඳුර නිවාළු....
හස කැළුම් සිළ කෝ නුඹේ........

දුක් සෝ තැවුල් හදවත වෙළී.....
පෙළන සඳ සිත සැළි සැළී......
නුඹේ සුපෙම්වත් සිනහා රැළී......
සිඳළුවා නෙත කඳුළැලී.....

වියැකි හස සිළ සඳ වතේ....
පෙරමග බලයි කඳුළක් නෙතේ....
ඇත ද වරදක් මා අතේ......
සිනහසෙනු මැන සොඳුරියේ..........