Sunday, March 7, 2010

කවි සිතක මියැදීම


ඔබ නිසා මා ලියූ කවි පද
ඉකිබිදී දින පොතේ පිටු මත
ඔබේ සෙවනේ ඔද වැඩුනු සිත
අකුරු කල පද මටම පමණද.......

සෙනෙහසේ සුමිහිරි සිතුම් වැල්
අමුන් අමුනා පබැඳි මුත් පද
බොලඳ හරසුන් වදන් පමණකි
කවි සිතක් හිමි නොමැති නුඹ ලඟ.......

ගොළුව යද්දෙන් මගේ කවි සිත
පතා මුළු ගැන්වුනද හදවත
මටත් රහසින් මැවුණු කවියක
අරුත වූයෙත් නුඹයි හිමි සඳ........

No comments:

Post a Comment