Wednesday, March 10, 2010

තටු සිදළු සමනළ බිළිඳා


පිණි පොදට මුවා වී නිදන්න
වහලක් නැති සඳ
සැඩ හිරු කිරණට සැඟව ගන්න
සෙවනක් නැති සඳ
වීදි කොනක හුදකලාව සෙනෙහස යැද යැද
බත් පතට ඉදුල් අහුලන පුත
රුදුරුයි දුක් කඳ.........

මොලකැටි මුව සිප ගන්නට
දෙගුරුන් නැතිවට
අදරින් සනසාලන්නට
කිසිවෙකු නැතිවට
අවිහිංසක මල් කැකුලකි
නුඹ මාවත කොන
කටු ඉඹුල් ගහේ ඉස්මත්තේ
අතු අග පීදුන..............

කිරි සුවඳ නොගිය මුත් මුවඟේ
උහුලන දුක් කඳ
ලෝ පාලක දෙවියන්වත්
දුටුවේ නැති වද
වීදිය දිග දිවි යදිනා
අවමන් විඳ විඳ
සියුමැලි සමනළ බිළිඳා නුඹ
තටු සිඳලන ලද..........

3 comments: