කටේ කිරි සුවඳ නොගියද
මා පිය සෙනෙහසක් නැති සඳ
කවුරු නම් දනීද පුත
නුඹේ හද ළතැවුල..........
සෙනේහය අහිමි වූ වද
හිසට සෙවනක් නොලැබුනද
හිමිය එක් සම්පතක්
කඩමළුව ගිය වස්තරය..........
දූලි වැකි මාවතේ චන්ඩ හිරු රශ්මියේ
මාර දූ පුත් අතර සටනකින් ඉක්බිතිව
දිනූ බත් පත රැගෙන වීදි කොන හුදකලාවේ
බුදින්නට සැරසුනද නොමැත ඉඩ පාසුවක්
බත් පතට හවුල් වනු රිසින් දැවටෙන
බලු කපුටු මිතුරු කැළ ගෙන් නම්...............
ඇද හැළෙන පිණි පොදට
හමන සීතල සුළඟට
මුවා වී නිදන්නට අවැසිය හිසට වහලක්
වීදි කෙළවර තනන බෝක්කුව වෙත ගෙනා
සිමෙන්ති කැට තුල ලබන බව දුටිමි නුඹ
සිරියහනක සුව පහස........
නමුදු පුත.....
සමාවුව මැන මට
බෝක්කුව නිම කරන්නට
ලඟයි දැන් බොහොම.....
අහිමි කරන්නට නුඹ ලැබූ නවාතැන
දිරි නොමැතියද හදවතට
කළයුතුයි මා එලෙස
එය මගේ රාජකාරිය වූ බැවින...........
හ්ම්..සංවේදී පද පෙළක් සොයුරිය.
ReplyDeleteතව තවත් මෙවන් නිර්මාණ කරන්නට ඔබට හැකිවේවායි පතමි.
well done akka.... nice blog.. keep it up
ReplyDeleteඔබට ස්තූතියි.....
ReplyDelete