Wednesday, March 10, 2010

නොවටිනා බව දැනිණි...............


සරා සඳ මඩළ
නිලඹර සරසන සඳ
මා හද හඬා වැටුනා.....
දෑත දිගුකල ද සඳ මඩළ
මා දෝතට නොවඩිනා බැවින්...................

රුවන් මිණි තරු කැකුළු
ගුවන් පළසේ විසිරෙනා කල
මා නෙත වැලපුනා...........
තරු පහන් දැල්ව දිළුන ද ගුවන් පලසේ
මා ගෙලට රන් දමක් ව
නොලැබෙනා බැවින්....................

කසුන් අරුණළු දහර
මග එකළු කරද්දී
මා සිත සසැලුනා සොවින්.......

නුඹේ නෙත් දැහැනට
මා දෙනෙත සම වැදුනද
ඒ නෙතු පියන් යට
කඳුළු පිණි කැටයක්ව
සැඟව ගන්නට වත්
මා නොවටිනා බව දැනී.................


No comments:

Post a Comment