හැඳිනියෙමි නුඹ....
අවසඟ දුබල කය
හැරමිටි වාරුවට පවරා
සක්මනේ යෙදෙන නුඹ
දුටිමි මා නොබෝදා සිට.....
රිදී කෙහෙරැළි රොද, රැළිවැටුණු වත
මා නෙතට නුපුරුදු වූවද.....
හුරු පුරුදු සේ දැනේ මට
හරි හැටි මා දෑස නොපෙනුන ද
විඩා බර නුඹෙ නෙතු යුග.......
අහා... කෙළෙස නම් අදහම් ද....
බොහෝ කලකට පෙර
එකම කැදැල්ළක කූඩුවන්නට
පින් මදව වෙන් ව ගිය අප......
ජීවිතයේ සැදෑ ඉම ලොවේ තනි වූ වන්ව
මහලු මඩමෙ හි පියස යට
නැවත හමූ වූ වග........
No comments:
Post a Comment