කිසිදාක නොසැලෙනා
වැව් ඉවුරු බඳ ලෙසේ
දිවි මගේ බර දරන
සෙනෙහෙබර පියානනේ...........
නුඹේ උර පතු මතින්
උහුලනා දිවියෙ බර
මේ වැවේ රැළි නගන
දියවරට වඩා වැඩි............
නොනංවා දළ රැළිති
නිසසළව රැව් නගන
ගැඹුරු වෑ දිය තිල්ල
පරදවයි පියානනි................
නුඹේ හදවත් විලේ
නිබඳ පිය සෙනෙහෙ දිය
වෑහෙනා උල්පතින්
උනන පිතු පෙම් දහර............
කෙත් පුරා හිස නගන
නිල් ගොයම ඇහැරවා
පන පොවන දියවරත්
දෙවැනි වෙයි පියානනි.................
ගත නැගුනු දහදියට
දරු සෙනෙහෙ කැටි වු සඳ
ලොවම අස්වද්දන්න
උපන් රන් දියවරට...........
ඉතා හැඟුම්බර පද පෙළක්......
ReplyDeleteඅගෙයි
ReplyDeleteබොහොමත් ම ස්තූතියි..
ReplyDeleteහරිම ලස්සනට ලියලා තියෙනවා .. මාත් දවසක් පිය සෙනෙහස ගැන ලියපු ගීත ටිකක් ගැන ලිවුවා . . කියවලා බලන්නකෝ වෙලාවක් ලැබුනොත් . .
ReplyDeletehttp://dukaa.blogspot.com/2009/10/blog-post_4101.html
පිය සෙනෙහස ගැන ලියවුනු වටිනා අදහස් රැසක් එම ලිපි පෙලෙහි ගැබ්ව ඇත. සමාජයේ ඇස් අරවන මෙවන් ලිපි පල කිරීමෙන් ඔබ මහා සමාජ මෙහෙවරක හවුල් කරුවෙකුව හිදී.
ReplyDelete