Monday, July 5, 2010

අමාවක වූ පුන්සඳ


නිමල් හද විලේ පිපි ඉඳුවරයාණ
සුනිල් මහද දියඹේ රණ තිසරාණ
සිසිල් සිළිලාර හද ඉසි කිඳුරාණ
ලිහිල් වී ඇයි ද හද බැමි සුහදාණ

බවුන් වඩන හද අසපුව මුනිදාණ
පිනින් මහද දෙවොළට වැඩි සුරිදාණ
බැතින් පෙම් කුසුම් පුද දුන් සමිදාණ
ඉතින් කිම් ද වූ දොස හද රජිදාණ

සුහද තෙපුල් සවනත වෙලු කොවුළාණ
පබැඳි සිතුම් පදරුත් කල කිවිදාණ
මහද අඳුන් කුළ සසැළු ගිජිදාණ
කිම ද අමාවක වී පුන් සඳපාණ

5 comments:

  1. ලස්සන පද පෙළක්....

    ReplyDelete
  2. බොහෝමත්ම ස්තූතියි

    ReplyDelete
  3. තනුජී

    ඔබ සඳැස්ලිවීමට උපන් හපන් යැයි සිතේ,,, සැඳැස්ම තව ලියන්න. එය ඔබේ ශෛලියද මන්දා. අපූරුයි.. දිගටම සඳැස් ලියනව නේද? මෙසේ එලිසමය මුල මැද අග ගැලපූ කවි විරලයි.. මේ හෙල කලාවෙන් මියෙමින් වඳව යන ශෛලියක් මේ... කරුණාකර මේ ඉල්ලීමට කන් දී තව තව සඳැස් ලියන්න. අපූරුයි...

    ReplyDelete
  4. බොහෝමත්ම ස්තූතියි සොයුරිය....
    ඔබගේ අගය කිරීම මට මහඟු දිරියකි..........
    ඔබට තූති.

    ReplyDelete