Tuesday, July 20, 2010

"තෙල්මාව" ගේ ගීතය


සදා නොමැකෙන අද්භූත වූ
හිරුට ප්‍රේම කල මැන
ඔබ ප්‍රේම කරන්නේ මගේ
රූපයේ නාමයට නම්.................

සෑම වසරකම නැවුම් වී එන
වසන්තයට ප්‍රේම කරනු මැන
ඔබ ප්‍රේම කරන්නේ මගේ
තරුණ්‍යයේ නාමයට නම්.............

තෙරක් නොපෙනෙන විශ්මිත වූ
සාගරයට ප්‍රේම කරනු මැන
ඔබ ප්‍රේම කරන්නෙය් මගේ
වස්තුවේ නාමයට නම්............

හිරු, වසන්තය, සයුරට වඩා
විශ්වසවත් මගෙ හදවත දෙමි
ඔබ මට ප්‍රේම කරන්නේ
ප්‍රේමයේ නාමයෙන් නම්..................

ජනප්‍රිය කතුවරියක වූ මාරි කොරැලි ගේ "තෙල්මා" නම් කෘතියෙහි එන
පැදි පෙළක් ඇසුරෙනි

6 comments:

  1. OMG..you reminded this lovely book.... i read that before about 12 years... what a lovely book... should find and read it again...
    nice poem thanuji...

    ReplyDelete
  2. thank you very much............


    yes it's lovely story .........

    ReplyDelete
  3. මේක නම් මම ආසම කරන පොතක්..
    ආපහු කියවන්න හිතුනා..
    :)

    ReplyDelete
  4. ලස්සනයි කවි. දිගටම ලියන්න සුභ පැතුම්

    ReplyDelete
  5. බොහොමත් ම ස්තූතියි..

    ReplyDelete