Saturday, June 26, 2010

දොරගුළු ලෑම


නුඹ මා හදවතට

පිවිසෙතැයි බියපත්ව

අගුළු ලෑවෙමි

හනි හනික

හදෙහි දොරගුළු

සොඳින්..............

නමුදු

අකීකරු වූ නුඹ

යතුරු සිදුරෙන් රිංගා විත්

පැළපදියම් ව ඇත

සිත් කුහරයේ

ගැඹුරුම ඉසව්වක

නැවත නොයෙනා ලෙසින්.................



2 comments:

  1. යන්නට බෑ යයි කියමින්
    යතුරු සිදුරෙන් නොයමින්
    කරක් ගසමින්
    හද තුලම ‍රැඳී ඉඳින
    ඒ "නුඹ" හට
    යතුරු ඉවත ලා
    යලිත් හද දොර හරිනු මැන...

    ReplyDelete