
නුඹේ ලොව අඳුරු වූ එක් අමාවක රැයක
මං මුලා වුනු නුඹට පාර කිව් තරු කිරණ
පුරා හද නැගුන දා නුඹේ තනි නොතනියට
සිටි අයුරු නුඹ නොවේ දන්නේ තරුවම පමණ........
සැඩ වු හිරු රශ්මියෙන් ලොව දවන නිමේෂෙක
නුඹේ සරතැස නිවා සැතැප වූ දිය කඳුළ
වස්සානයේ ද නුඹ නෙතේ තුටු කඳුළක් ව
උන්නු බව දන්නේ නුඹ නොවේ කඳුළම පමණ.....
සෝකයෙන් මුසපත් ව නුඹ තැවෙන මොහොතක ම
හදේ දුක සැඟවුවෙමි සුසුමක් ව රහසේම
නුඹේ හද අද්දරින් කිසිදාක නොසැලීම
සිටී බව දන්නේ නුඹ නොවේ සුසුමම පමණ.......
යව්වනේ සිහින මැද හුදකලා වූ නුඹට
පැතුම් මල් තිළින දී පුබුදු කල අරුණැල්ල
නුඹ වෙතට සෙනෙහෙ බැඳ අඳුර තුල සැඟවුනද
සෙනෙහෙ සිත නුඹ ලඟම බව දන්නේ හද පමණ.............
Compliments for your blog and your pictures included, I invite you to see the photo blog,
ReplyDeleteCLICK PHOTOSPHERA
Each week released a new album
Greetings from Italy
Marlow
අපි හැමොම පුංචි පුංචි මිනිස්සු.. හැමොටම පුංචි පුංචි ලොකු දෙවල් අමතක වෙනවා.. මම හිතන්නෙ අපි කෙනෙකුට ආදරෙ කරද්දි එ කෙනාට එක දැනෙනවා.. අපි එක වචනෙන් කියන්න ඔනා නැහැ..ඔයා සින්ඩියෙ නැද්ද ... ඇයි මෙහෙම තනිවම.. වඩාත්ම ඔනැම දෙ දුකෙදිත් ,සැපෙදිත් එක වගෙ ලගින් සිටිමයි.. එක හරිම වටින දෙයක්
ReplyDeleteලස්සන කවි පෙලක් . . ..
ReplyDeleteඅදමයි මම මේ පැත්තට අවේ . . ඒකත් ජීවිතේ මල් ගේ කමෙන්ට් එකක දැකලා . . . මූනු පොතටත් රික්වෙස්ට් එකක් එව්වා මම ඔන්න . . .
දැං ඉතිං වෙලාව ලැබුනු වෙලාවාට් එන්නම්කෝ