Monday, April 5, 2010

නික්මීම


වරදක්ම නම් ආදරය මේ
නික්මිලා යන්නම් ඔබ වෙතින්
සරදමක් නම් ජීවිතය මේ
සමු අරන් යන්නම් ලෝකයෙන්.........

සිත සිතන්නේ ඔබ ගැනම නම්
නෙතෙ පතන්නේ ඔබ රුවම නම්
හදේ පිළිසිඳි පළමු පිවිතුරු
සෙනෙහෙ ගී දම ඔබම නම්
කොයි ලෙසින් කටු ගා දමන්නද
අසම්මත පෙම් කවක් නම්..............

දොරේ ගලනා කඳුළු නදියට
නුඹේ රුව නොමැකේවි නම්
හදේ සැලෙනා සුසුම් පවනට
නුඹේ රුව නොසැලේවි නම්
නුඹේ ලෝකෙන් පලා යන ලෙස
නුඹේ නෙතු ඉගි කරයි නම්
පලා යමි මම පලා යමි මම
ලොවින් නික් මී සදාකල්.........

6 comments:

  1. ජීවිතයෙන් පලා යන්න ප්ලෑන් ගහනවට වැඩියෙ , අහිමිකමට හේතු විවරණය කලොත්, අහිමි කම මනසින් තේරුම් ගත්තොත් නරකද සහෝදරී...??? ආ??

    ReplyDelete
  2. ජීවිතේ මල් සොයුරියගේ කියමන හා එකඟ වෙමි.
    පදපෙළ ලස්සනයි.

    ReplyDelete
  3. ලස්සන පද පෙලක් ........ අපූරුවට ගලපලා ලියල තියෙනවා.......

    ReplyDelete
  4. ඔබගේ අදහස් වලට බොහොම පින්.............

    ReplyDelete
  5. එපා ලොවින් නික්මී ඔබ යන්නට
    ඔහුගේ සෙවන විශ කටු යහනාවක් නම්
    ඒ කටු යහනෙන් ඔබ ගැලවෙනු මැනවී
    අඳුරු මතකයට සමු දී ඉනු මැනවී.

    ReplyDelete
  6. ස්තූතියි.....සහෝදරයා

    ReplyDelete