Friday, April 16, 2010

නැවුම් වස සුපිපි පැතුම


නව වසරේ නෑඹුල් දිණකර
පෙරඹර රිදී රැසින් සරසන සඳ..........
දහසක් පැතුම් පොදි නෑඹුල් වසරක ට
කරපින්නා ගෙන පෙරමග බලන කල............

සියුම් සතුටකින් හද කිතිකැවුනා සෙමෙන්
ඒ ඇයිද?.........
අවුරුදු මිහිර මා සිත සැබවින්ම මත් කල බැවින්ද.......
සැබෑවටම නොවැටහේ මට..........

කොවුළිඳු ගයන ප්‍රර්ථනා ගීතයට
වදන් අමුනන හෝරාවේ.............
අනාගත ගමන් මග පසක් කර දෙන්නට මෙන්
ඉඟිමරා සිනාසෙන එරබදු ළඳුන් ගෙන්
අසන්නට සිතට නැගුනා පැණයක් මෙලෙසින්.........

උදාවෙන දොළොස් මහේවත් නිවේවිද
මනුසතුන් අමනයන් කරවන
කෙළෙස් ගිණිදැල්.......................


ලක්වැසි ඔබ සැමට ලැබුවා වූ නව වසර සතුට පිරි ඉසුරුමත් නව වසරක් වේවා!!!!!!!!!!!!!!

2 comments:

  1. නැත නැත සොයුරිය,,,,ලෝකය පවතින තෙක්..කෙලෙස් පවතිනු ඇත....

    ReplyDelete
  2. හයියෝ..නගා..මොකක්ද බොල මේ background music එක?

    ReplyDelete