ගිණි වැදුණු රන් හිරු මඩළ
තණබිම දවා සැඟව යන රඟ.....
බලා හිඳිමි මම තවම මේ අයිලයේ තනිව......
විසල් පොප්ලරයට පිට දී..........
නුඹ නේන බව දැන දැනම
නුඹ නැවත එතියි සිත සිතා
නෙතුපියන් නොසළාම............
බලා හිඳිමි එදා සිට අද තෙක්ම මේ අයිලයේ තනිව......
විසල් පොප්ලරයට පිට දී..........
විසල් ලෝකයට මිස නුඹ මේ අයිලයට
අහිමි බව දනිමි මම.........
ඒනමුදු පෙර සේම බලා හිඳිමි
පොප්ලර් තුරු පියස යට
නුඹ නේන බව දැන දැනම...........
ගුරු ගීතය ගැන නිර්මාණයවුන ගොඩක් කවි ඇත... නමුත් ඔබගේ කවිය හුදෙක් ඉන් එකක් වීමෙන් ඔබ්බට ගොස් ඇතිබව පෙනෙයි. මේක මුලු කතාවෙම අපූරු සාරංශයක් වගේ තමයි මට පේන්නෙ...
ReplyDeleteබොහොම ස්තූතියි
ReplyDelete